Life
කොලෙස්ටරෝල් සදහා නොගත යුතු ආහාර
බෝ නොවන රෝග අතරින් කොලෙස්ටරෝල් අද වන විට මධුමේහය, අධි රුධිර පීඩනය ආදී
රෝග සමඟ කරට කර සිටින අතර බොහෝ විට අත්වැල් බැඳගත් එකම පවුලේ රෝග ලෙසද
සැලකේ. මේද සහිත ආහාර ප්‍රධාන වශයෙන් සංතෘප්ත මේදය හා අසංතෘප්ත මේදය ලෙස
කාණ්ඩ කළ හැකිය. මෙම සංතෘප්ත මේදය බහුල ආහාර වැඩි වශයෙන් පරිභෝජනය නිසා
ශරීරයේ කොලෙස්ටරෝල් තත්ත්වය ඉහළ නැඟීමෙන් හෘදයේ ඇති ධමනි තුළ මේදය තට්ටු
වශයෙන් තැන්පත් වී රුධිර ගමනාගමනය අපහසු වී හෘදයාබාධ හටගනී.
එමෙන්ම මෙම කොලෙස්ටරෝල් මොළයේ තැන්පත් වීමෙන් අංශභාගය වැනි භයානක රෝග තත්ත්වයන්ටද මුහුණදීමට සිදු වේ.
සංතෘප්ත මේදය බහුල ආහාර
එළකිරි,
මී කිරි, බිත්තර කහමදය, එළුමස්, හරක් මස්, ඌරු මස්, පීකුදු, චීස්,
බටර්, බේකන්, හැම්, සොසේජස්, පොල්, කජු, රටකජු වැනි ආහාර.
අසංතෘප්ත මේදය බහුල ආහාර
අලුත්
එළවළු, පළා වර්ග, පලතුරු (අලිගැටපේර හැර), කුඩා මාළු, නිවුඩ්ඩ සහිත සහලේ
බත්, සම ඉවත්කොට පිසූ කුකුළු මස්, මේදය රහිත කිරි, සෝයා තෙල්, සූරියකාන්ත
තෙල්.
කොලෙස්ටරෝල් 65% ප්‍රමාණයක් ශරීරයේ ප්‍රධාන වටිනාම අවයවයක්
වන අක්මාව මගින් නිපදවෙන බවත් ඉතිරි 35% ක ප්‍රමාණය ශරීරයට ලැබෙන්නේ අප
ගන්නා ආහාර මගිනුත් බව සොයාගෙන ඇත. සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් අධික රෝගියකු
වැලමිට පිටුපස, උඩු අල්ල, ඇසයට, බල නහරය, දනිස්කටු පරීක්ෂාවට ලක්කළ
විට, කහ පාටට හුරු ලප වශයෙන් කොලෙස්ටරෝල් තැන්පත් වී ඇත. එම පුද්ගලයන්
වඩාත් ප්‍රවේශම් විය යුතුය.
ආහාර මෙන්ම, අධික දුම් පානය, දැඩි
මානසික පීඩනය, ශරීරයේ ස්ථූල බව, මධුමේහය, කය වෙහෙසා වැඩ කටයුතුවල නොයෙදීම
හා වයසද මේ රෝගය සඳහා හේතු වේ.
මෙම රෝගයෙන් මිදීම සඳහාත් රෝගයට ගොදුරු නොවීමටත් ගත හැකි ආහාර
කෙඳි සහිත ආහාර ගැනීම
නිවුඩු සහලේ බත්, කුරක්කන්, ඕලු ඇට ගුණයි.
සෝයා බෝංචි හා වෙනත් ධාන්‍ය ආහාරද, පලතුරු මගින් ශරීරයේ අධික තෙල් බොහෝ විට අඩු වේ.
තුඹ, හාතාවාරිය, රතුලූනු, ඇඹරැල්ලා, සලාද කොළ ඉතාමත් ගුණයි.
පොළොස්,
කොහිල, කෙසෙල්මුව, මානෙල් අල, නෙළුම් අල, බතල, හුලංකීරිය, පලා වර්ග, කොළ
හා තැඹිලි පැහැති එළවළු, කැරට්, රතුමල් ගෝවා, තක්කාලි, නිවිති වඩා ගුණයි.
තැඹිලි
වතුර, කුරුම්බා වතුර, ස්වභාවික ඔසු තැම්බූ ජලය විශේෂයෙන් කරපිංචා, බැබිල
මුල්, කුඹුක් පොතු, උළුහාල්, සුදුලූනුq, අරළු, බුළු, නෙල්ලි, කළුදුරු,
රණවරා, කොල්ලු ආදිය තැම්බූ ජලය තේ වෙනුවට බීමට ගන්න.
කුඩා මත්ස්‍ය
වර්ග අතරින් සැමන් මසුන් ගුණයි. එසේම පිටි ආහාර ගැනීම නිසා මේදවලින් ඇතිවන
අහිතකර තත්ත්ව ඇති නොවන අතර ගන්නා මේද ප්‍රමාණය තනුක වීමක්ද සිදු වේ.
දිනපතා ආහාර සමඟ රතුලූනු ගෙඩි 3 - 4 ක් පමණ සහ සුදුලූනුq බික් 3 - 4 ක් පමණ ආහාරයට ගැනීම.
කරපිංචා කැඳ සාදා බීම
කරපිංචා දළු, ගොරකා, රතුළුEණු සමඟ ලුණු මිරිසක් මෙන් සකසා දිනපතා ආහාරයට ගැනීම
නොගත යුතු ආහාර
සත්ව මේදය අඩංගු ආහාර එනම් බටර්, චීස්, පීකුදු
සත්ව මොළය, ප්ලීහාව වැනි කොටස්
එසේම යොදය සහිත කිරි ආහාර
මද්‍යසාර භාවිතය අඩු කරන්න.
අයිස්ක්‍රීම්, සකස් කළ බීම වර්ග සීමා කරන්න.
ඉස්සන්, කකුළුවන්, බිත්තර, රටකජු නුසුදුසුය.
පුඩිං වර්ග, මුදවපු කිරි, යෝගට්, බටර්, මාගරින් නුසුදුසුය.
සුප් කැට, මස් වර්ග අගුණය.
මීට අමතරව ආතතියෙන් මිදීමට මානසික ඒකාග්‍රතාව පවත්වාගෙන යන ක්‍රියාකාරකම්වල යෙදීම, බර අඩු කරගැනීම සඳහා ක්‍රමවත් ව්‍යායාමවල යෙදීම.
දවසකට පියවර 2000 ක් වත් ඇවිදීමේ යෙදෙන්න.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks